Thursday 18th of June 2026

English Tamil
Advertiesment


මහා බැංකුව වැටුප් වැඩි කර ගත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා උල්ලංඝනය කරලා  


2024-03-21 14869

 

ශ්‍රී ලංකා මහා බැංකුව සිටින්නේ මුදල් කාරක සභාව යටතේ නොව ආණ්ඩුව යටතේ බැවින් මහා බැංකුවේ වැටුප් වැඩිවීම ගැන ආණ්ඩුව තීරණයක් ගත යුතු බවත් ආණ්ඩුවට එසේ කිරීමට නොහැකි නිසා ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් උදව් ඉල්ලා සිටින බවත් මෙම වැටුප් වැඩි කිරීම අනීතික වන අතර එම ක්‍රියාව වැඩ කරන ජනතාවට සිදු කළ මහා අසාධාරණයක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ, ශ්‍රී ලංකා මහා බැංකුවේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරමිනි.

සමගි ජන බලවේගය මහා බැංකුවේ වෘත්තිය සමිති සමග සාකච්ඡා කර ඔවුන්ගේ එකගතාවට අනුමැතිය ලබා දෙන බවට කිසිදු අවස්ථාවක ප්‍රකාශ කර නොමැති බවත් එම නිසා රජය කොන්ද කෙළින් තබා ගෙන මේ සම්බන්ධයෙන් සෘජු තීන්දු-තීරණ ගත යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එසේම තමා මුදල් කමිටුවේ කතා නොකළේ තමාට එහි කතා කරන්න තහනම් කර ඇති නිසා බවත් ආණ්ඩුව එවැනි තීන්දු ගෙන මේ ආකාරයෙන් කතා කිරීම විහිලුවට කරුණක් බවත් තමාට මුදල් කමිටුවට සහභාගී විය හැක්කේ නිරීක්ෂකයකු ලෙස පමණක් බවට ඡන්ද ලබා ගෙන ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දුන්නේය.

තවද ශ්‍රී ලංකා මහා බැංකුව මෙම වැටුප් වැඩි කිරීම මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති මොහොතක මහා බැංකු නිලධාරින් ගෙන්වා නැවත මෙම වැටුප් වැඩි කිරීම ආපසු හැර විය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩි දුරටත් පැවසීය.

RELATED NEWS


Advertiesment
Advertiesment
Advertiesment